ශ්‍රී ලාංකික ධීවරයෝ මාළු මංකොල්ල කෑ බවට ඉන්දියාවෙන් චෝදනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

ශ්‍රී ලාංකික ධීවරයෝ මාළු මංකොල්ල කෑ බවට ඉන්දියාවෙන් චෝදනාවක්

ශ්‍රී ලාංකික ධීවරයෝ මාළු මංකොල්ල කෑ බවට ඉන්දියාවෙන් චෝදනාවක්

තමිල්නාඩු ධීවරයන් පිරිසක් පසුගිය 15 වනදා තොප්පුතුරෙයි ප්‍රදේශයට නැගෙනහිරින් මසුන් අල්ලමින් සිටියදී බෝට්ටු තුනකින් පැමිණි ශ්‍රී ලාංකික ධීවරයන් දහ දෙනකු තම ධීවරයන්ට පහරදී ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුත් ධීවර උපකරණ සහ මාළු කිලෝ දෙසීයක් රැගෙන ගොස් ඇතැයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් වෙත ලිපියක් යොමුකරමින් පවසා තිබේ.

 

ඉන්දීය මධ්‍යම රජයෙන් ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාකරන ලෙසයි මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා අනාගතයේ දී නැවත සිදු නොවීමට වගබලා ගන්නා ලෙසටත් ස්ටාලින් මහතා මධ්‍යම රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

views

219 Views

Comments

arrow-up