සෙට්ටිකුලමේ අනාරක්ෂිත ළිඳකට වැටී 12 හැවිරිදි දරුවෙකු මරුට

ඊයේ (14) උදෑසන කාලයේදී සෙට්ටිකුලම්,නෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී පිරිමි දරුවෙකු මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 12 හැවිරිදි තුටුවායි, නෙරියකුලම් ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.
පියා විසින් දරුවා සොයා බැලීමේදී නිවස තුළ නොමැති බව දැනගත් විගස නිවස අසල පිහිටි අනාරක්ෂිත ළිඳ ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ සෝදිසි කිරීමේදී ළිඳ තුළට වැටී සිටි දරුවා හමුව ඇත.
අනතුරුව දරුවා වහාම සෙට්ටිකුලම් රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසින් කටයුතු කළද රෝහලට ඇතුළත් කරන අතරතුරදීත් මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් විසින් දන්වා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
230 Views
Comments