තුර්කියේ ඛේදවාචකය - නවතම පුවත්

තුර්කියේ ගිණිකොන දිග ප්‍රදේශයට බල පෑ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 7,700 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හෙළි කරයි.
සුන්බුන් අතර සිර වී සිටින ඇතැම් පුද්ගලයින් තමන් බේරා ගන්නා ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පණිවුඩ පවා බෙදා හැර ඇති අතර එසේ සුන්බුන් අතර සිරවී සිටින එක් අයෙක් තමන් සිර වී සිටින ස්ථානයේ ලිපිනය ඇතුලු සියලු තොරතුරු දන්වමින් බෙදා ගන්නා ලද ඉතා සංවේදී වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකාව තුළ වේගයෙන් සංසරණය වෙයි.
මුදා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක අතර අධික සීතල හේතුවෙන් මෙම මෙහෙයුම් සඳහා දැඩි බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ.
මෙහෙයුම් සඳහා 12,000 කට වැඩි පිරිසක් එක් වී සිටින අතර 9000 කට ආසන්න හමුදා භට පිරිසක් ද යොදවා තිබෙන බව විදෙස් පුවත් හෙළි කරයි.
එසේම, රටවල් 70 කින් පමණ මානුෂීය ආධාර සහ සහය කණ්ඩායම් විපතට පත් ප්‍රදේශ වලට ළඟා වී ඇති බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර සිටී.
196 Views
Comments