බීඩි කොළ සහ දුම් කුඩු සමග කල්පිටියේදී තිදෙනෙක් පොලිස් දැලේ

කල්පිටිය ආනවාසල ප්‍රදේශයේදී ඊයේ බීඩි කොළ සහ දුම් කුඩු තොගයක්, ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ගලේවෙල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන කල්පිටිය පොලිසියට භාරදී තිබේ.
ලොරි රථයේ තිබී උර 48 ක ඇසිරූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1508 ක්, උර 8 ක ඇසිරූ දුම්කොළ කිලෝ ග්‍රෑම් 129 ක් සහ උර 39 ක ඇසිරූ දුංකොල කැබලි කිලෝ ග්‍රෑම් 744 ක් නාවික හමුදාව විසින් කල්පිටිය පොලිසියට භාරදී ඇත.
සැකකරුවන් අද කල්පිටිය අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.
224 Views
Comments