ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් අද විරෝධතාවයේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් අද විරෝධතාවයේ

 ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් අද විරෝධතාවයේ

අද දිනයේ අසාධාරණ බදු අය කිරීම ඇතුළු රජයේ අනිසි ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ක්ෂේත්‍ර රැසක් එකතු වී විරෝධතා සහ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වල නිරත වෙයි.

 

වරාය, තෙල්, විදුලි, ජල, බැංකු, දුම්රිය, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ඇතුළු වෘත්තීය සමිති 40 ක පමණ නියෝජිතයින්ගේ එකතුවෙන් මෙය සිදු වන බවට වැඩිදුරටත් වාර්තා වේ. 

 

එමෙන්ම දුම්රිය වෘත්තිය සමිතිය ද මෙයට සහයෝගය දක්වන බව ඔවුන් ප්‍රකාශ කර ඇත. 
වෛද්‍ය , ගුරු, විදුහල්පති සහ  තැපැල් වෘත්තිය සමිති ද මෙයට සහයෝගය දෙමින් විරෝධතාවල නිරත වූවත් වැඩ වර්ජනයක් සිදු නොකරන බව තවදුරටත් වාර්තා වෙයි.

 

මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අද විරෝධතා වල පමණක් නිරත වීම සිදුකරන බවයි. මේ අතර විරෝධතාවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ද එක්වීමට නියමිත බව එහි ප්‍රධාන ලේකම් අජිත්ගේ තිලකරත්න මහතා ප්‍රකාශ  කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

views

249 Views

Comments

arrow-up