ලෙල්ලොපිටියේ කාන්තාවක් අකුණු සැර වැදී මිය යයි

රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේ විසූ 68 හැවිරිදි කේ.එස් වර්ණලතා නැමති කාන්තාව නිවස ඉදිරිපිට රෙදි වැලක දමා තිබූ රෙදි ගැනීමට ගිය අවස්ථාවේදී අකුණු සැර වැදී මරණයට පත්වී ඇතැයි රත්නපුර ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි විය.
මියගිය තැනැත්තියගේ පුතණුවන්ගේ විවාහයේ දෙවන දින මංගල උත්සවය පැවැත්වීමට නිවස සූදානම් කරමින් තිබී ඇති අතර ඊට පෙර දිනයේ මෙම මරණය සිදුවූ බව ආරංචි මාර්ග වාර්තා කරයි.
රත්නපුර ශික්ෂණ රෝහලේ වෙෙද්‍ය අධිකරණ නිලධාරිණී, මෙම මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර, අකුණු සැර වැදීම තුළින් හෘදය අකර්මණ්‍ය වීමෙන් මෙම මරණය සිදුවී ඇති බවට නිගමනය කර තිබේ.
210 Views
Comments