මරදානේදී සහ ග්‍රෑන්ඩ්පාස් වලදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් දැලේ

මරදාන අධිකරණ මාර්ගයේ දී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුෂන් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කර සිටී.
ඊයේ (21) කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය සමග මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
218 Views
Comments