ඊයේ අන්තරේ උද්ඝෝෂණයෙන් කොළඹ සරසවිය අසල යුද පිටියක් වෙයි

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් "රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නමු - ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු" යන සටන් පාඨය මූලික කර ගනිමින් ඊයේ සංවිධානය කරන ලද විරෝධතා පාගමනට කොළඹ සරසවිය ඉදිරිපිට දී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට විසුරුවා හරින ලද අතර, පොලිසිය සහ උද්ඝෝෂණට එක් වූ සිසුන් අතර ඇති වූ ගැටුම හේතුවෙන් අවට ප්‍රදේශය එකම යුද පිටියක් බවට පත්විය.
මේ අවස්ථාවේ පොලිසිය විසින් සරසවි භූමියට ඇතුළු වීමෙන් වැළකී සිටීමට කටයුතු කළ අතර පොලිස් ප්‍රහාරවලට එරෙහිව සිසුන් විසින් පොලිසියට ගල්මුල් සහ ඩෙස් පුටු වලින් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවෙකු, මාධ්‍යවේදියෙකු සහ පොලිස් නිලධාරියෙකු රෝහල්ගත කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කොට තිබේ.
307 Views
Comments