බුදුපිළිමයක වස් ඇරීමට කන්‍යා තරුණියක් ගෙනවිත් පූජාවක් කළ පිරිසක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

බුදුපිළිමයක වස් ඇරීමට කන්‍යා තරුණියක් ගෙනවිත් පූජාවක් කළ පිරිසක් දැලේ

බුදුපිළිමයක වස් ඇරීමට කන්‍යා තරුණියක් ගෙනවිත් පූජාවක් කළ පිරිසක් දැලේ

බිබිල වෑගම ප්‍රදේශයේ නිවසකට රහසේ ගෙන ආ පෞරාණික මිල කළ නොහැකි බුදු පිළිමයක වස් ඇරීම සඳහා යාගයක් පැවැත්වීමට, 18 වියැති කන්‍යා තරුණියක බිබිල වත්ත ප්‍රදේශයෙන් ගෙනැවිත් පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයන් සිවුදෙනකු 13 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

 

මැණික් ගලක වස් හැරීමට යැයි කියමින් මෙම සැකකරුවන් සිව්දෙනා මීට පෙර අවස්ථාවකදී ද මෙම තරුණිය මෙම නිවසට කැඳවාගෙන විත් ඇති බව පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන ඇති අතර එම තරුණියට එහිදී රුපියල් 25,000 ක මුදලක්ද සැකකරුවන් විසින් ලබා දී ඇති බවට අනාවරණය වී ඇත.

 

බිබිල වෑගම ප්‍රදේශයේ පදිංචි කපුවෙවකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු පූජා පවත්වමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

views

243 Views

Comments

arrow-up