MAR
15
මල්වතු අස්ගිරි මහනායකවරුන්ගෙන් ජනපතිට පැසසුම්

රට තුළ උද්ගතව තිබූ දැඩි ආර්ථික, දේශපාලනික හා සමාජයීය අස්ථාවරත්වය යම් පමණකට සමනයකට පත්කර, රට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ මහා සංඝරත්නය ප්‍රසාදය පළ කරන බව මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව සඳහන් වේ.
එමෙන්ම, පළාත් පාලන මැතිවරණය කල් දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බවත් එම ලිපියෙන් හිමිවරුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
218 Views
Comments