ලොකුගේට ලොකු පුටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ලොකුගේට ලොකු පුටුවක්

ලොකුගේට ලොකු පුටුවක්

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා තේරී පත්ව තිබෙන බව වාර්තා වේ.

 

 රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ගාමිණී ලොකුගේ මහතා මෙම තනතුරට නිතරගයෙන් තේරී පත්වන්නට සමත් වූ අතර, එම කාරක සභාව ඊයේ දින පාර්ලිමේන්තුවේදී රැස්වූ බවත්, නව සභාපතිවරයා විසින් අදහස් දැක්වීමක් කරමින් කමිටුවේ කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට සියළු සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉල්ලා සිටි බවත් වාර්තා වේ. 

 

එසේම, කාරක සභාවේ විෂය පථයට අදාළ ආයතන ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කිරීමට ද මෙහිදී කමිටු සාමාජිකත්වය එකඟ වී ඇති අතර  ශ්‍රී ලංකාවේ බැංකුකරණ, රක්ෂණ සහ වෙනත් මූල්‍ය සේවාවන් සහ ක්ෂේත්‍රයන්හි කටයතුවලට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සලකා බැලීම සඳහා මෙම කාරක සභාව පිහිටුවා ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කර සිටී.
 

views

265 Views

Comments

arrow-up