වර්ජනය හේතුවෙන් රට පුරා යළිත් තෙල් පෝලිම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

වර්ජනය හේතුවෙන් රට පුරා යළිත් තෙල් පෝලිම්

වර්ජනය හේතුවෙන් රට පුරා යළිත් තෙල් පෝලිම්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන සැපයුම බිඳ වැටීමත් සමග මේ වන විට රට පුරා බොහෝ ප්‍රදේශයන්හි ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇති වී තිබෙන බව වාර්තා වේ.

 

පිරවුම්හල් වැඩි ප්‍රමාණයක ඉන්ධන මේ වනවිට අවසන් වී ඇති බවත්, වර්ජනය හේතුවෙන් වාහන හිමියන් ඉන්ධන ලබාගැනීම සඳහා වෙනදාට වඩා උනන්දුවක් දක්වන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන් සඳහන් කර සිටී.

 

මෙම තත්ත්වය මත වර්ජනය අවසන් නොවුවහොත් ඉන්ධන සැපයුම පිළිබඳ බරපතල ගැටළුවක් මතු වීමට ද ඉඩ තිබෙන බවට ඉන්ධනහල් හිමියන් පෙන්වා දෙන අතර, වර්ජනයක් නොමැති ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි සිදු වෙමින් පැවතියද, ඔවුන්ගේ පිරවුම්හල් ඉදිරිපිට දීර්ඝ පෝලිම ඇතිවී තිබීම මත හේතුවෙන්, ඔවුන්ටද එම ඉල්ලුමට සැපයුම ලබාදීමට නොහැකි තත්වයක් මතු වී ඇති බව වාර්තා වේ.

views

271 Views

Comments

arrow-up