යටියන්තොට දී අකුණු සැර වැදීමෙන් පාසල් සිසුවෙක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

යටියන්තොට දී අකුණු සැර වැදීමෙන් පාසල් සිසුවෙක් මිය යයි

යටියන්තොට දී අකුණු සැර වැදීමෙන් පාසල් සිසුවෙක් මිය යයි

යටියන්තොට, සීෆෝත්, කොට්ටමලේ ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් වයස අවුරුදු 17 ක පාසල් සිසුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

 

මෙසේ මියගොස් ඇත්තේ සීෆෝත් මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන යොහාන් ඉශාර නම් සිසුවෙකි.

 

මෙම සිසුවා සහ මව වර්ෂාව වේලාවේදී නිවසේ ඉදිරිපිට සිටියදී අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පවසා සිටී.

 

එහිදී ඔවුන් දෙදෙනාටම අකුණු වැදී ඇති අතර මව සිහිසුන්ව සිට නැගිට බලන විට සිය දරුවා මිය ගොස් ඇති අන්දම දැක ඇති බව වාර්තා වේ.

 

කුණ වැදෙන අවස්ථාවේදී නිවස තුළ මෙම මව සහ පුතු පමණක් රැඳී සිටි බවද සඳහන් වේ.
 

views

268 Views

Comments

arrow-up