මිශ්‍ර පොහොර මිලත් පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

මිශ්‍ර පොහොර මිලත් පහළට

මිශ්‍ර පොහොර මිලත් පහළට

එලවළු, පොල්, තේ හා කුරුඳු වගාවන් සඳහා යොදා ගන්නා මිශ්‍ර පොහොර මිල සියයට 50කින් පහළ ගොස් තිබෙන බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා අද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී.

 

මේ අනුව දැනට වෙළෙදපොලේ අලෙවි කෙරෙන මිශ්‍ර පොහොර මිල ගණන්වලට වඩා අඩු මුදලකට ගුණාත්මක බවින් ඉහළ නව මිශ්‍ර පොහොර වර්ග කිහිපයක් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

views

266 Views

Comments

arrow-up