සතොස වෙළඳසැලකින් බිස්කට් පැකට් එකක් ඉස්සු තරුණයාට සිදු වූ දේ

හැටන් නගරයේ සතොස වෙළෙඳසැලෙන් බිස්කට් පැකට්ටුවක් සහ චොකලට් එකක් සොරා ගත් තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (10) දින හැටන් නගර මධ්‍යයේ පිහිටි සතොස වෙළෙඳසැලට පැමිණි මෙම තරුණයා භාණ්ඩ සොරා ගන්නා ආකාරය ආරක්ෂක කැමරා පද්ධතිය හරහා දුටු එහි අරක්ෂක නිලධාරියකු විසින් මෙම තරුණයා අල්ලාගෙන හැටන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු, හැටන් පොලිසියේ නිලධාරීන් එම ආයතනයට ගොස් තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන හැටන් පොලිසිය මගින් සිදු කෙරෙන අතර සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.
247 Views
Comments