උතුරේ අද හර්තාලයෙන් දෛනික ජන ජීවිතයට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

උතුරේ අද හර්තාලයෙන් දෛනික ජන ජීවිතයට බාධා

උතුරේ අද හර්තාලයෙන් දෛනික ජන ජීවිතයට බාධා

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉවත්කර ගන්නා ලෙස බල කරමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් උතුරු නැගෙනහිර පළාත් තුළ අද (25) ක්‍රියාත්මක කර තිබූ හර්තාල් ව්‍යාපාරය නිසා දෛනික ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබූ බව වාර්තා වේ.

 

මේ හේතුවෙන් උතුරු පළාතේ වවුනියාව, යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චි ඇතුළු නගර කිහිපයකම සහ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව නගරවල වෙළෙඳසැල් වසා දමා තිබූ අතර, පොදු ස්ථාන ආශ්‍රිතව පාළු ස්වභාවයක් ගෙන තිබූ බව වාර්තා වේ.

 

ඇතැම් පාසල් විවෘත කර තිබුණද දරුවන් ගේ පැමිණීම අවම මට්ටමක පැවති බවද වාර්තා විය. ප්‍

 

රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුව ඇති අතර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා කියා සිටියේ සංශෝධන සහිතව මෙම කෙටුම්පත මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
 

views

307 Views

Comments

arrow-up