ශ්‍රී ලංකන් විකුණන්න සියල්ල සූදානම්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා වෙනම කමිටුවක් පත් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (25) පැවති සාකච්ඡාවක දී කියා සිටියේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෑතකදී සිදුවූ අඩුපාඩු සහ ඒවා නිවැරදි කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබූ බව සඳහන් වේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රී ලංකන් යානය පිළිබඳ දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
303 Views
Comments