ගෝල්ෆේස් එකේ උත්සව තහනම් - ජනාධිපති කාර්යාලයේ අවුරුදු උත්සවයට මොකද වෙන්නේ ?

අප්‍රේල් මස 20 වනදායින් පසු බලපැවැත්වෙන පරිදි ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු සඳහා හැර සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වැනි කටයුතු සඳහා භාවිත කිරීමට අවසර නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නිවේදනය කර ඇත.
ඒ අනුව ලබන 22 වනදා ජනාධිපති කාර්යාලය මගින් සංවිධාන කර ඇති අවුරුදු උත්සවය එම ස්ථානයේ පවත්වන්නේද යන්න තවම නිශ්චිතව තහවුරු කර නොමැත.
මීට අමතරව ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධාන කරනු ලබන “වසත් සිරිය 2023” අළුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.
සියලු අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර එම අවුරුදු උත්සවය අප්‍රේල් මස 22 වනදා ෂැංග්‍රිලා ග්‍රීන්හිදී පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.
319 Views
Comments