යකා වැහුණු වන අලියා සිතුල්පව්වේදී බසයක් කුඩු කරයි

සිතුල්පව්ව ප්‍රදේශයේ වන්දනාවේ ගිය පිරිසකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වේ.
ඔවුන් විහාරස්ථානයේ නවාතැන් ගැනීමට එන අතරවාරයේදී කැලේ සිටි මෙම අලියා පාරට පැමිණ බස් රථයට පහර දුන් බව සඳහන් වේ.
අලියා පහර දෙන අවස්ථාවේ බස් රථය තුළ 30 කට ආසන්න පිරිසක් සිට ඇති අතර ඔවුන් ජනෙල් වලින් පැන ගොස් ඇති බව සඳහන් වේ.
මෙම පහරදීමෙන් බස් රථයේ වීදුරු සියල්ල කැඩී විනාශ වී ඇති අතර, එහි තිබූ ආහාර සියල්ල අලියා විසින් පාගා දමා තිබේ.
මෙම ප්‍රදේශයට පැමිණෙන සමහර වන්දනාකරුවන් වන අලින්ට නිරන්තරයෙන් ආහාර ලබාදීම නිසා මෙම සතුන් වාහන නවත්වා ආහාර ලබා ගැනීමට පුරුදුව සිටින බව ප්‍රදේශවාසීන් පවසා සිටී.
මේ හේතුවෙන් වන්දනාවේ එන බොහෝ පිරිස් දැඩි අපහසුතාවයට ලක්වන බව වාර්තා වේ.
402 Views
Comments