උප්පැන්න නැති අයටත් හැඳුනුම්පත් ලැබෙන අලුත්ම ක්‍රමය මෙන්න

උප්පැන්න සහතිකයක් නොමැති වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ නව ක්‍රමවේදයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශයක ස්ථිර පදිංචිය සහිත, උප්පැන්න සහතිකයක් නොමැති පුරවැසියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බව සඳහන් වේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් වෙත යොමුකර ඇති බවයි.
මීට පෙර ලියාපදිංචි වී මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආකෘතිපත්‍රය සමග ග්‍රාම නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ නිලධාරියකු සහතික කරන ලද උප්පැන්න සහතිකයක් අවශ්‍ය වූ අතර මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව එසේ අවශ්‍ය නොවන බව සඳහන් වේ.
306 Views
Comments