කොඩිකාමම්හි රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් මරු දකී

කොඩිකාමම් දෙස සිට පේදුරුතුඩුව දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරට ලක්ව ඇති අතර අනතුරින් වයස අවුරුදු 34 ක් වූ යතුරුපැදිකරු බරපතල තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබෙන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වේ.
මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට පත් වෑන්රථ රිදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කොඩිකාමම් පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
235 Views
Comments