වෙසක් සිරියට රටම සැරසෙන හැටි මෙන්න

වෙසක් සමයේ බුදුරුව, බෞද්ධ ධජය සහ පිරිකර අවභාවිත නොකරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර කොළඹ නගරයේ වෙසක් තොරණ් 5 ට වැඩිය ඉදිකෙරෙන බව කොළඹ නගර සභාව සඳහන් කරයි.
මේ අනුව තොටළඟ, දෙමටගොඩ, පිටකොටුව- බෝධිරාජ මාවත, පෙරහැර මාවත, බෞද්ධාලෝක මාවත සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසල තොරණ ඉදිකිරීම සඳහා අවසර ලබා දී තිබෙන බවත්, කොළඹ නගරසභා බල ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට දන්සැල් 60 ට ආසන්න සංඛ්‍යාක් ලියාපදිංචි වී ඇති බවත්, දන්සැල් පැවැත්වීම ආසන්න සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ දැනුවත් කිරීම මත සිදු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.
ජාතික වෙසක් සතිය අදින ආරම්භ වෙන අතර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර ඊට අමතරව දිවයින පුරා විහාරස්ථාන මට්ටමින් ආගමික වැඩසටහන් ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කර සිටී.
376 Views
Comments