අක්ෂි සැත්කම් ගැටළුව ගැන විශේෂ ප්‍රකාශයක්

නුවරඑළිය මහ රෝහලේ ඇති වූ අක්ෂි ශල්‍යකර්ම සිද්ධිය කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් වාර්තා වූ සිද්ධියට පෙර ඇති වූ තත්ත්වයක් බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසා ඇත.
ඒ පිළිබඳව ක්‍රමානුකූල පරීක්ෂණ පවත්වා මේ වනවිට සාමාන්‍ය පරිදි අක්ෂි ශල්‍යකර්ම සිදුකරමින් පවතින බවද ඒ මහතා සඳහන් කර තිබේ.
පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ මෙම අක්ෂි ශල්‍යකර්මවලින් පසුව භාවිත කරන ලද ඖෂධයක විෂබීජ ඇති බව වන අතර මේ වනවිට එම ඖෂධය භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසා ඇත.
302 Views
Comments