නයිජීරියාවේ සිරගතව සිටි ලාංකිකයන් පිරිසක් නිදහස් කෙරේ

නයිජීරියාවේ ෆෙඩරල් මහාධිකරණය විසින් 2023 අප්‍රේල් 28 වන දින තෙල් ජාවාරමක් හේතුවෙන් රඳවා ගෙන සිටි කාර්ය මණ්ඩලය අතර ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු ද සිට ඇති අතර ඔවුන් හාර්කෝට් වරායේදී නිදහස් කර තිබේ.
නයිජීරියානු බලධාරීන් සහ අදාල කාර්ය මණ්ඩලය උසාවියෙන් පිටතදී සමතයකට පැමිණීමත් සමග, චෝදනා ඉවත් කිරීම අවසන් කිරීමට මහාධිකරණයට හැකි වී ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව, නයිජීරියානු මහ කොමසාරිස් කාර්යාලය නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයේ සුභසාධනය සහ ආරක්ෂාව සහතික කර තිබේ.
257 Views
Comments