ඉන්ධන QR කේතය ළඟදීම ඉවතට

කිව් ආර් කේතය සඳහා ඉන්ධන නිකුත් කිරීම නුදුරේදීම අත්හිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි. මේ අතර හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පමණ පහත හෙලන බව එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කර සිටියේය.
ඊට සමගාමීව 5 kg ලිට්රෝ ගෑස් සිලින්ඩරයක සහ 2.3 kg ගෑස් සිලින්ඩරයක මිලද පහත දක්වා ඇති බව ඔහු සඳහන් කරයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ කිව් ආර් කේතව හරහා ඉන්ධන නිකුත් කිරීම නුදුරේදීම අත්හිටුවන බවය.
250 Views
Comments