මැයි මස මුල් සතියේ ඩෙංගු රෝගීන් 1800ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

මැයි මස මුල් සතියේ ඩෙංගු රෝගීන් 1800ක්

මැයි මස මුල් සතියේ ඩෙංගු රෝගීන් 1800ක්

මැයි මාසයේ මුල් සතියේ ඩෙංගු රෝගීන් 1,896 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව සඳහන් වේ.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.

 

කෙසේ වෙතත් පසුගිය මස අවසන් සතියට සාපේක්ෂව මේ මාසයේ මුල් සතිය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් ගේ අඩුවක් දක්නට ලැබෙන බව ඔහු සදහන් කර සිටී.

 

කොළඹ ගම්පහ වැනි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන දිස්ත්‍රික්ක මුල්කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.

 

මෝසම් වැසි හමුවේ නිවෙස් හා ඒ අවට පිරිසුදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

views

404 Views

Comments

arrow-up