කළුතර පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුවෙක් බරපතල තුවාල ලබා රෝහලේ

ඊයේ (01) මග්ගොන සරේ ක්‍රීඩාපිටියේ කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවති "මැංගුස් සටන" ක්‍රිකට් තරගයක් අවසානයේ සිසුන් අතර ඇති වු ගැටුමකින් බරපතල තුවාල ලැබූ සිසුවෙකු රෝහල් ගතකර තිබේ.
තරගය අවසානයේ කළුතර මහා විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමග තරගය නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිරිසක් පිටියට පැන එහි සවිකර තිබූ ක්‍රිකට් පොලු ගලවා ගැනීමට උත්සහ කිරීමත් සමග ගැටුම හට ගෙන තිබේ.
මෙම ගැටුමේදී පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක හිරූෂ නෙත්සර සිල්වාය.
ක්‍රිකට් පිත්තකින් ඔහුගේ හිසට පහර දී ඇති බව අනාවරණය වී තිබෙන අතර, පහරකෑමට ලක් වූ සිසුවා කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, හිසෙහි විශේෂ ශල්‍යකර්මයක් කිරීම නියමිත බැවින් ඔහුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිත බවත් වාර්තා වේ.
මෙම ගැටුම සමථයකට පත්කිරීමට එම ස්ථානයට ගිය පයාගල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාට ද පුද්ගලයෙකු විසින් පහර දී ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය විශේෂ පරීක්ෂණයක් පවත්වයි.
282 Views
Comments