කැකිරාවේදී නිධන් හොයන්න ගිය සිව් දෙනෙකුට වැඩ වරදී

කැකිරාව ඉලුකේගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් පිරිසක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පුද්ගලයන් සිව් දෙනකු විසින් ඉඩම තුළ කැණීම් කරමින් සිටි අවස්ථාවේදී වැටලීමක් සිදුකර මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ ද පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 19 ත් 45 ත් අතර වයස් සීමාවල පසුවන කැකිරාව සහ ඉනාමළුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.
ඔවුන් අද දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
266 Views
Comments