ළමුන් අතර පාචනය පැතිරීමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

ළමුන් අතර පාචනය පැතිරීමේ අවදානමක්

ළමුන් අතර පාචනය පැතිරීමේ අවදානමක්

නව පාසල් වාරය ආරම්භ වීමත් සමග ළමයින් අතර පාචනය වැනි රෝග තත්ත්වයන් පැතිර යාමේ අවදානමක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටී.

 

උත්සව සමයේ දරුවන් විවිධ ස්ථාන වලින් විවිධ වර්ගයේ ආහාර අනුභව කිරීමත් සමග මෙම තත්ත්වය ඇති වූ බවත් සෑම වර්ෂයකම මෙම තත්ත්වය ව්‍යාප්ත වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

 

දරුවන්ට උණ සමග වමනය, බඩ රිදිල්ල, ආහාර අජීර්ණය වැනි තත්ත්වයක් ඇති වුවහොත් පාචන තත්ත්වයක් විය හැකි බවත් මේ පිළිබඳ මවුපියන් වැඩි අවධානයක් ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කර සිටී.

 

එවැනි තත්ත්වයක දරුවන්ට ස්වභාවික දියර ආහාර, පලතුරු යුෂ, බැදිහාල් කැඳ, තැඹිලි වතුර, ජීවනී ලබා දිය හැකි බවත්, වමනය සඳහා ප්‍රතිකාර ලබා නොගතහොත් දරුවන් විජලනයට පත්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

වමනය හා උණ තත්ත්වය උත්සන්න වන අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ බවත්, එවැනි තත්වයකදී හැකි ඉක්මනින් ළඟම රෝහල වෙත දරුවන් යොමු කළ යුතු බවත්, නමුත් විජලන තත්ත්වය අවම කර ගැනීමට මව්පියන් කටයුතු කරන්නේ නම් දරුවන් රෝහල්ගත කිරීමේ සංඛ්‍යාව අඩුකරගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
 

views

433 Views

Comments

arrow-up