සීමා නිර්ණ කමිටු වාර්තාව අද අගමැති අතට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

සීමා නිර්ණ කමිටු වාර්තාව අද අගමැති අතට

සීමා නිර්ණ කමිටු වාර්තාව අද අගමැති අතට

සීමා නිර්ණ කමිටු වාර්තාව අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දී තිබේ.

 

 

ප්‍රාදේශීය සභා ඡන්ද විස්තර සහ සිතියම ඇතුළත් මෙම ලේඛනය සීමා නිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් භාර දෙන ලදී.

 

 

පළාත් පාලන ආයතන සඳහා සීමා නිර්ණය කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නිර්ණ කමිටුව 2022 නොවැම්බර් මාසයේදී පත් කරනු ලැබීය.

 

 

හිටපු මැතිවරණ ප්‍රධානී මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට ජයලත් ආර්.වී.  දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ.තවලිංගම් සහ අයි.ඒ. හමීඩ් යන මහත්වරුන් ඇතුළත් වේ.

 

 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකින් එය පත් කර තිබේ.

views

226 Views

Comments

arrow-up