රණාලේ මහ දවල් දැමූ අයිස් පාටියේදී පාතාලේ "චොරා" චොර වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

රණාලේ මහ දවල් දැමූ අයිස් පාටියේදී පාතාලේ "චොරා" චොර වූ හැටි

රණාලේ මහ දවල් දැමූ අයිස් පාටියේදී පාතාලේ "චොරා" චොර වූ හැටි

කඩුවෙල, රණාල ප්‍රදේශයේ මහ දවල්  පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කොට සිටී.

 

අත්අඩංගුවට පත් පිරිස අතර පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධ සැකකරුවෙක් වන "චොරා" නැමැත්තාද සිටින අතර වයස අවුරුදු 28 ත් 48 ත් අතර වන අතුරුගිරිය, වත්තල, වැල්ලම්පිටිය සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 07 දෙනෙක් සහ සැකකාරියන් 04 දෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 කට ආසන්න ප්‍රමාණයක් සමග මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

 

මෙම පිරිස අද (04) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

323 Views

Comments

arrow-up