උසාවියට අපහාස කළ සනත් නිශාන්තට වැඩ වරදින ලකුණු

අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින්, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ විජිත කුමාර හා ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරුන් දෙදෙනෙකු විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් 3 ක් සම්බන්ධ පැමිණිලි අද (28) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අන්තර්ගත බව කියන වීඩියෝ පටයට අදාල රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ලැබී ඇති බවට, එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ අතර, ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන් විසින් මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා දින නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
ඒ අනුව මෙම පෙත්සම් ජූනි මස 27 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් දින නියම කොට තිබේ.
225 Views
Comments