MAR
21
විදෙස් රැකියා ඒජන්සි ආයතන සඳහා ගෙවිය යුතු බැංකු ඇපකරය විශාල අගයකින් ඉහළ දමයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කරනු ලබන බලපත්‍රයේ බැංකු ඇපකරය 750,000 සිට මිලියන 3 දක්වා ඉහළ නංවා තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, මෙම ඇපකරය දෙවන වසරේ සිට මිලියන 5 දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවයි.
රැකියා ඒජන්සි සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා බලා, මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී එහි ක්‍රියාකාරීත්වය දැඩි නියාමනයට ලක් කිරීමට ද පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
214 Views
Comments