පොඩිමැණිකේ දුම්රියේ ආසන වෙන්කිරීමේ වෙනසක්

කොළඹ කොටුවෙන් දිනපතා උදෑසන 8.30 ට පිටත් වන පොඩි මැණිකේ දුම්රිය, ලබන 20 වැනිදා වෙන් කරනු ලබන ආසන සියල්ල, නියෝජ්‍ය වාණිජ අධිකාරීවරයාගේ නියමයෙන් වෙනත් පුද්ගලයින්ට වෙන් කිරීම අත්හිටුවා තිබේ.
දුම්රිය ස්ථානය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, සම්මත ක්‍රමවේදයෙන් පරිබාහිර විදෙස් සංචාරකයින් පිරිසක් වෙනුවෙන් මෙලෙස ආසන වෙන් කිරීමෙන් සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින බවයි.
මේ අතර දියලුම ඇල්ලේ උඩුදියලුම නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ මුදල් අය කිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව කටයුතු කිරීම හේතුවෙන් එම සංචාරකයින් අසීරුතාවයකට මුහුණදී තිබේ. ප්‍රදේශවාසීන් චෝදනා කළේ, පහසුකම් සලසාදීම සඳහා බව පවසමින් රුපියල් 350 ක මුදලක් ලබා ගත්ත ද එවැනි කිසිඳු පහසුකමක් සපයා දී නොමැති බවයි.
සංචාරකයින්ට සිදු වන මෙම අසාධාරණය සම්බන්ධයෙන් ඔවුන් මුදල් අය කර ගැනීම සඳහා යොදවා ඇති නිලධාරීන්ගෙන් විමසීමට ගිය අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබේ.
206 Views
Comments