"ශ්‍රී ලංකාවේ මූලික නීතිය" සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට එක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

"ශ්‍රී ලංකාවේ මූලික නීතිය" සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට එක් වෙයි

"ශ්‍රී ලංකාවේ මූලික නීතිය" සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට එක් වෙයි

රටේ මුඛ්‍ය නීතිය සම්බන්ධ පාසැල් ළමුන්ට දැනුම ලබාදීම සදහා මේ වසරේ දී නීතිය ඉගැන්වීම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට විෂයක් ලෙස ඇතුලත් කිරීමට පියවර ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කරයි. 


 
සාමාන්‍ය නීතිය පිළිබදව මහ ජනතාවට පවතින අල්ප දැනුම හේතුවෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයින් අනිසි ප්‍රයෝජන ලබා ගන්නා බවත් යුක්තිය හා සාධාරණය ඉටු කිරීමේ ක්‍රියාවලියේදී වින්දිතයා සහ සාක්ෂිකරුවාගේ ආරක්ෂාව අතිශයින් වැදගත් වන අතර, නීතියේ ආධිපත්‍යය නොමැති රටක් තුළ කිසිවෙකුගේ ජීවිතයක සුරක්ෂිත බවක් පිළිබදව විශ්වාසක් නොමැති බවත් ඇමතිවරයා කියා සිටී. 


 
විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අදට
(07) යෙදී ඇති අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ හා සහායවීමේ දිනය වෙනුවෙන් අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් සුරකින සමාජයක් යන තේමාව යටතේ බත්තරමුල්ල, පැලවත්ත විද්‍යාවර්ධන මහා විද්‍යාලයේදී සංවිධානය කර තිබු උත්සවය අමතමිනි.
 
මෙම උත්සවය සංවිධානය කර තිබු අතර, ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීම මෙහිදී සිදු විය.
 
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 

2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත යටතේ වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය 2016 වසරේ පිහිටුවනු ලැබු බවත්, සාධාරණ නඩු තීන්දු ලබා ගැනීම වෙනුවෙන් සාක්ෂිකරුවාගේ ආරක්ෂාව තහවුරු වී වින්දිතයාට යුක්තිය ඉටු විට යුතු බවත්, බරපතල අපරාධ නඩු සදහා සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවන් ඉදිරිපත් නොවන්නේ තම ජීවිතය සම්බන්ධව පවතින බිය නිසා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
 
අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ සභාපති ජනාධිපති නීතිඥ සුහද ගමලත් මහතා ද මෙහිදී අදහස් පළ කොට තිබේ. 
 
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතීඥ, අනුරාධ ජයරත්න, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් බී.කේ.එස්.රවීන්ද්‍ර, තැපැල්පති රුවන් සත් කුමාර, නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ.රණසිංහ, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකා ද සිල්වා, විශේඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු, විද්‍යාවර්ධන මහා විද්‍යාලයේ විදුහල්පතිනී චන්ද්‍රිකා ජයවර්ධන යන මහත්ම මහත්මීන්, ගුරුවරුන් පැසැල් දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, පාසැල් ළමුන් දැනුවත් කිරීමේ වැඩ සටහන් කිහිපයක් ද මෙහිදී සංවිධාන කර තිබුණි.

views

236 Views

Comments

arrow-up