FEB
28
වී කෙටීමේදී අයකරනු ලබන සමාජ ආරක්ෂණ බද්ද ඉවතට

වී කෙටිමේදී අයකරනු ලබන සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වී මෝල් හිමියන් වී කෙටීමෙන් උපයන ආදායමෙන් 2.5% ක් සමාජ ආරක්ෂණ බද්ද ලෙස අයකරන ලදී. ගොවි අස්වනු අලෙවිය ඉහළ නැංවීමේ අරමුණින් මෙම බද්ද ඉවත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.
මෙම බද්ද ඉවත් කිරීමත් සමග හාල් මෝල් හිමියන් විසින් වැඩි මිලට වී මිලදී ගනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ඒ අනුව සමාජ ආරක්ෂණ බද්ද මගින් අයකරනු ලැබූ මුදලේ වාසිය ගොවීන්ට ලබෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
225 Views
Comments