සෙට්ටිකුලමේ වගා ළිඳකට වැටුණු අලි පවුල
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

සෙට්ටිකුලමේ වගා ළිඳකට වැටුණු අලි පවුල

සෙට්ටිකුලමේ වගා ළිඳකට වැටුණු අලි පවුල

වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු විශාල අලි දෙදෙනකු හා අලි පැටවුන් දෙදෙනකු බේරා ගැනීමට වවුනියාව වනජිවි නිළධාරීන් විසින් පියවර ගෙන තිබේ.

 

ආහාර සොයා පැමිණි අලි රංචුව පසුගිය 26 වැනිදා රාත්‍රියේ වගා ළිඳට වැටෙන්නට ඇති බවට සැක කරන බවත් බැකෝ යන්ත්‍රයකින් ළිඳේ කොටසක් කපා වන අලි හතරදෙනා ගොඩ ගැනීමට කටයුතු කළ බව‍ත් වනජිවි නිළධාරීන් පවසයි.

 

ගවයින් බැලීමට ගිය පිරිසක් පළමුව අලි රංචුව ළිඳට වැටී ඇති බව දැක වව්නියාව වනජිවි නිළධාරීන් දැනුවත් කොට තිබුණි.

views

189 Views

Comments

arrow-up