ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය නිෂ්පාදන ගබඩාවක් වටලයි

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් තුළ තිබියදී රූපලාවන්‍යාගාර සඳහා භාවිතයට ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග ආදී කාණ්ඩ 58 ක පමණ භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පොලිසියට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත. වැටලීමෙන් එහි තිබී ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජන ආලේපන වර්ග රැසක් ද සොයාගෙන තිබේ.
වසර 04 ක් තිස්සේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම භාණ්ඩ අලෙවිකරණයේ නිරත වී ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ, ඒ අනුව මෙම ආයතනයේ හිමිකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙම භාණ්ඩ ජර්මනියේ නිෂ්පාදන බවට හැඟවෙන ස්ටිකර් අලවා අළෙවි කිරීම සිදුකරගෙන ගොස් තිබේ. මෙම කටයුතු සිදුකළ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් 03 ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත. භාණ්ඩ සැපයුම් ප්‍රධාන වශයෙන් කුරියර් සේවාවක් මගින් සිදුකර ඇති බවත් හෙළිවී ඇත.
257 Views
Comments