පෙම්වතුන්ගේ පිහිටෙන් ගොඩ යන්න හැදූ ගාල්ලේ මැතිවරණ අපේක්ෂකයාට වරදී

පෙම්වතුන්ගේ දිනය නිමිති කොටගෙන මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල නගර සභා භූමියේ 14 දින රාත්‍රියේ ගාල්ල නගර සභාවට තරඟ වදින අපේක්ෂකයෙකු විසින් පැවැත්වීමට සූදානම් කර තිබූ සංගීත සංදර්ශනයක් සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ප්‍රචාරක වැඩසටහනක් තහනම් කිරීමට ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය පියවර ගනු ලැබීය.
මෙම උත්සවයට ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර නිකුත් නොකිරීමටත්, එම සංගීත සංදර්ශනය නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් පොලිසියට, පළාත් පාලන කොමසාරිස් වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දුන් බව මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය සඳහන් කළේය.
185 Views
Comments