ආධුනික පොලිස් කොස්තාපල්වරියකට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවේ

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවේ

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතින් පයින් පහර දී තුවාල සිදු කර ඇගේ ජංගම දුරකථනය සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහබාගේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

කඩවත ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක ආරක්ෂාවට යොදවා සිටි  පොලිස් නිල ඇඳුමෙන් රාජකාරියේ යෙදුන බියගම පොලිසියට ආධුනික පොලිස් කොස්තාපල්වරියක් සමග බහින්බස් වී ඇයට අතින් පයින්  පහරදී තුවාල සිදුකර ඇගේ ජංගම දුරකථනය පැහැර ගොස් තිබේ.

 

මහබාගේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය 25 දින රාත්‍රී රාජකාරියට වාර්තා කර නාමලේඛනයට අත්සන් තබා ඉන් පසුව කිසිවකුටත් නොදන්වා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් බැලීමට ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

මේ හේතුවෙන් සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැඩතහනමකට ලක්කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරිය කළ පැමිණිල්ලකට අනුව කැලණිය පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

views

204 Views

Comments

arrow-up