ජාත්‍යන්තරය ජය ගත් ලංකාවේ ටොප් මොඩ්ල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

ජාත්‍යන්තරය ජය ගත් ලංකාවේ ටොප් මොඩ්ල්

ජාත්‍යන්තරය ජය ගත් ලංකාවේ ටොප් මොඩ්ල්

ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි Top Model Of The World - 2023 තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සඳනි පීරිස් මෙනවිය අද (07) දින උදෑසන දිවයිනට පැමිණියාය.

 

ලෝකයේ රටවල් 42 ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය ඉකුත් පෙබරවාරි මස 20 දින සිට මාර්තු මස 03 දක්වා පැවැත්වුණි. 

 

අද දින උදෑසන 08.30 ට සඳනි මෙම ජයග්‍රහණය රැගෙන බහරේන් නුවර සිට ගල්ෆ් ගුවන් සේවයේ ජී. එෆ් - 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය. 22 හැවිරිදි සඳනි පීරිස් කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනයක "බැලේ" නර්තන උපදේශිකාවක් ලෙස ද කටයුතු කරමින් සිටී.

 

ඉදිරි මාස 06 ක කාලය සඳහා ඉන්දියාවේ විශාලතම නිරූපණ ශිල්පී ආයතනයේ ආරාධනාවක් මත එහි සේවය සඳහා යන බව සඳනි පීරිස් මෙනවිය සිය අනාගත බලාපොරොත්තු පිළිබඳව ප්‍රකාශ කරමින් සඳහන් කර තිබේ.

views

221 Views

Comments

arrow-up