ගානියා බැනිස්ටර් නඩුවේ තීන්දුව මැයි මස මුලදී

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිසට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිබඳ නියෝගය මැයි මස තුන් වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.
2019 වසරේ නොවැම්බර් මස සුදු වෑන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් හිරිහැර සිදු කළේ යැයි චෝදනා කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදු කළ බවට ගානියා බැනිස්ටර් චෝදනා ලැබ සිටිනවා.
242 Views
Comments