FEB
21
ජාතික ආරක්ෂක මණ්ඩලය පනතක් මගින් නීතිගත කිරීමට සැරසේ

පසුගිය ජනවාරි මස දොළොස් වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීන්දුවට අනුව ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට, කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ජාතික ආරක්ෂක මණ්ඩලය ව්‍යවස්ථාපිත පදනමක් මත සහ පැහැදිලි සංයුතියකින් යුතු ව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීන්දුව හරහා වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.
246 Views
Comments