රෝද පුටුවට වැටුණු පෙම්වතිය නැගිටුවන්නට වෙර දරන අහිංසක පෙම්වතාගේ කතාව

පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනය වුවද දිනයකට වෙන්කර නොතිබෙන ආදර කතාවක් ගැන වාර්තාවන්නේ ගාල්ල උඩුගම අලුත්වත්ත ප්‍රදේශයෙනි.
අවුරුදු 9 ක ප්‍රේම කතාන්දරයකින් අනතුරුව 2018 වර්ෂයේදී මෙම යුවල විවාහ දිවියට ඇතුළත්ව තිබේ.
චමරි ඉෂානි සහ සතිර මධුෂංක වන මෙම යුවල විවාහ වී වසරකට පසුව එළඹි එක් අවාසනාවන්ත දවසක, චමරි අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්ව ඇත.
මාස 3 ක් රෝහල්ගතව සිටි චමරිගේ ජීවිතය එතැන සිට බර වෙන්නේ රෝද පුටුවකටයි.
චමරි එතැන් සිට කතා කරගන්නට පවා බැරි තත්වයකට පත්ව ඇති අතර චමරිව නැවත දෙපයින් සිටුවීමට සතිර කරන සුවිසල් කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අනතුරින් අවුරුදු 3 කට පසුව අද සතිරට යන්තමින් නම කියා කතා කරන්න චමරිට හැකියාව ලැබී ඇත.
ආදරය, සෙනෙහස රඳා පවතින්නේ භෞතික කිසිවක් තුළ නොවන බව මෙම ආදර කතාවෙන් මනාව පිළිබිඹු වේ.
268 Views
Comments