කුඹුරු යායක තිබී හසු වූ කේරළ ගංජා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

කුඹුරු යායක තිබී හසු වූ කේරළ ගංජා

කුඹුරු යායක තිබී හසු වූ කේරළ ගංජා

ඊයේ (06) දින සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී වටකච්චි ප්‍රදේශයේ කුඹුරු යායක සැක කටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ කුඹුරු යායක සඟවන ලද රුපියල් මිලියන 03 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් සොයාගෙන තිබේ.

 

මෙම මෙහෙයුම කිලිනොච්චිය, වටකච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව දියත් කරන ලදි.

 

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙක් බව ආරංචි මාර්ග වාර්තා කරයි.

 

සැකකරු සහ කේරළ ගංජා තොගය සමගින් යතුරුපැදියක් කිලිනොච්චිය, රාමනාපුරම් පොලීසිය වෙත භාර දී ඇත.

views

264 Views

Comments

arrow-up