IMF සහය ගැන සුභ ආරංචියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

IMF සහය ගැන සුභ ආරංචියක්

IMF සහය ගැන සුභ ආරංචියක්

 

සියළු රටවල සහයෝගයෙන් ජාත්යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම කඩිනම් වනු ඇති බව අමෙරිකානු තානාපතිනී ජූලි චංග් ප්‍රකාශ කර තිබේ.

 

 

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමග පැවති හමුවකදී අමෙරිකානු තානාපතිනිය මේ බව ප්‍රකාශ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමෙරිකානු තානාපතිනිය පවසා ඇත්තේ රජයේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අනෙකුත් රටවල් වල විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු වෙමින් පවතින බවය.

views

205 Views

Comments

arrow-up