මරණ දණ්ඩනය නියමව කට්ටි පනිමින් සිටි චූදිතයෙකු වසර 10 කට පසු මාට්ටු

2000 වර්ෂයේදි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 76 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ඇප ලබා ගැනීමෙන් අනතුරුව නැවත මහාධිකරණයේ පෙනී නොසිටි බැවින් සැකකරු සඳහා වරෙන්තු නිකුත් කර තිබූ අතර ඔහු නොමැතිවම නඩුව මහාධිකරණයේ විභාග වී තිබුණි.
ඒ අනුව චූදිතට 2012.05.08 වන දින මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර විවෘත වරෙන්තු නිකුත් කර තිබිණි.
ඔහු වසර 10 කට වැඩි කාලයක් සැඟවී ජීවත්වෙමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගිය ජනවාරි 23 වන දින අත්තනගල්ල පොලිස් වසමේ කහටෝවිට ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
නැවත ඔහු මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
256 Views
Comments