විදුලිබල ඉංජිනේරුවන් ඇතුළු සේවකයෝ පෙබරවාරි 08 ලෙඩ වෙති

ලංකා විදුලිබල මණ්ඩල සියලු සේවකයින් ලබන 08 වැනිදා ලෙඩ නිවාඩු දමා කොළඹට එන බව ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ ලේකම් ඉසුරු කස්තුරිරත්න මේ බව සදහන් කළා.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා ලබන 08 වැනි දින විදුලි සැපයුම අඛණ්ඩව ලබා දෙමින් සිය විරෝධය සිදු කරන බවද මෙහිදී ඔහු කියාසිටියා.
අසාධාරණ බදු ප්‍රතිපත්තිට එරෙහිව මෙන්ම විදුලිබල ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු මුල් කර ගනිමින් මෙම ලෙඩ නිවාඩු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවත් විදුලි ඉංජිනේරුවන් ඇතුළු සියලු සේවකයින් එදිනට කොළඹට රැස්ව විරෝධතාවයේ නියැලෙන ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවා.
207 Views
Comments