මාර්තු 15 වන විට සියලු සිසුන්ට පාසල් නිල ඇඳුම් - අමාත්‍ය ප්‍රේමජයන්ත කියයි

අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති කමිටු රැස්වීමක් අමතමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, සිසුන්ට පාසල් නිල ඇඳුම් ලබා දීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිය අදහස් පළ කර සිටියේය.
පාසල් සිසුන්ට අවශ්‍ය වන නිල ඇඳුම් වලින් 70% ක් ලබා දීමට චීන රජය එකඟ වී ඇති බවත්, ඉතිරි 30% ක ප්‍රමාණය දේශීය වශයෙන් පෞද්ගලික ව්‍යවසායකයන් අතින් නිම වෙමින් පවතින බවත් මෙහිදී අදහස් දක්වමින් කියා සිටි ඒ මහතා, පාසල් නිල ඇඳුම් බෙදා හැරීමේ කටයුතු මාර්තු මස 15 වන දා වන විට අවසන් කිරීමට සියලු පියවර ගනිමින් සිටින බව අවධාරණය කර සිටියේය.
224 Views
Comments