හොඳටම සූර් වී සිහිවිකලෙන් මිතුරාගේ ලිංගික අවයවය කපා දාලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

හොඳටම සූර් වී සිහිවිකලෙන් මිතුරාගේ ලිංගික අවයවය කපා දාලා

හොඳටම සූර් වී සිහිවිකලෙන් මිතුරාගේ ලිංගික අවයවය කපා දාලා

මීගහකිවුල තල්දෙන ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ලිංගික අවයව පිහියකින් කැපීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ඊයේ (31) දහවල් මීගහකිවුල රෝහලටත් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පලාත් මහා රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

 

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල තල්දෙන ප්‍රදේශයේ වයස අවුරුදු 55 ක පුද්ගලයෙකි.

 

පෙරේදා (30) රාත්‍රියේ මොහු අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සිහි විකල්ව සිටියදී ඔහු සමග එකට මත්පැන් පානය කළ තවත් මිතුරෙකු විසින්ම විහිළුවකට මෙන් මෙලෙස අත තිබූ පිහියකින් ලිංගික අවයවය කපා දමා ඇතැයි දැන ගන්නට ඇත.

 

ලිංගික අවයවය කැපීම නිසා බරපතළ තුවාල සහිතව වැටී සිටි මෙම පුද්ගලයා ඔහුගේ තවත් මිතුරන් පිරිසක් එක්ව පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

290 Views

Comments

arrow-up